විදුහල්පති පණිවිඩයඇකිරිය විද්‍යාලය
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්ගේද අධ්‍යාපන කලාපයේ පිහිට් අැකිරිය විද්‍යාලය දැනුම,කුසලතා ආකල්ප වලින් පිරිපුන් දරු පිරිසක් සමාජයට දායාද කරන කලාපයේ දීප්තිමත් පාසලක් වශයෙන් දැක්විය හැක.
මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් ඉතා දුෂ්කර හා අපහසු ආර්ථික මට්ටම්වල සිටින අතර පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් මෙම පාසලේ දරුවන් ලෝකය සමග සම්බන්ධ වී හුවකලා බැවින් මිදී තම අදහස් හා යෝජනා ලෝකයට සන්නිවේදන කිරීමත්, ලෝකයේ නව ප්‍රවණතා හදුනා ගැනීම තුලින් තම දැනුම, ආකල්ප, කුසලතා වර්ධනයකර ගැනීමත් මනා තාක්ෂණික දැනුම ලබා ගැනීමටත් උපාකරි වේ. එම නිසා මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කල සහ මෙම සංකල්පය ක්‍රියාත්මක කල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශය භාර ගුරුතුමියටත්, මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන දරුවන් සියලු දෙනාටම හදපිරි ප්‍රණාමය පුද කරමි.
A.A. D .S ජයවර්ධන
විදුහල්පති
මප/නු/ඇකිරිය විද්‍යාලය