සමනල සිරිපා කදු සිසිලෙන් සරසා
ගණදුර පරදන හිරු සදු ලෙස දිලෙනා
සිත්බර සිතු දූ පුත්වරු බිහිකල
ඇකිරිය විදුහල් මාතා
සැරදේ.... වොරැදේ... සැරදේවා....//
ගණිත වනිත විද්‍යා කාලාදි
සකල ශිල්ප ගැන නැණ පෑදු
ඔබ සෙවනේ සැනෙසී දුටිමි
දෙස රැස බස රකිනා
සමනල සිරිපා කදු සිසිලෙන් සනසා...
ජනිත බිමෙහි මෙහෙවර ඉටු කරනා
සමගි දමින් සතුටින් දිවි වඩනා
දරු කැළ ඉසුරකි දිණූ දැයට මතු
ගුණ දහමේ නිසි ඵල ලබනා